Windows phone අාපස්සට ගෙන යෑම.(Windows Device Recovery Tool)
Windows Device Recovery Tool
Windows phone භාවිතා කරන ඔබ windows insider program එක භාවිතයෙන් windows 10 Technical Preview එක Windows phone එකේ ස්ථාපනය කෙරුවේ නම් දැනට ඇති windows 10 Technical Preview මෙහෙයුම් පද්ධතිය ඉවත් කොට ඔබගේ Windows phone එකට Microsoft ආයතනය විසින් ඉදිරිපත් කර ඇති නවතම Windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ගැනීමට මෙම වඩසටහන උපයෝගී වේ.
තවද ඔබගේ Windows phone එකේ යම්කිසි software ගැටලුවකදී ද මෙම වැඩසටහන භාවිතා කර එයට විසදුමක් ලබාගත හැකිය.
මෙම වැඩසටහන නොමිලයේ Microsoft ආයතනය විසින් ලබා දෙන වැඩසටහනකී.
මෙම වැඩසටහන නොමිලයේ බාගත (DOWNLOAD) කර ගත හැක.
මෙම වැඩසටහනේ නවතම සංස්කරණය Download කරගැනීම සඳහා පහත අයිකනය හරහා පිවිසෙන්න.
මෙම වැඩසටහන භාවිතා කරන ආකරය.
- මෙම වැඩසටහන බාගත(Download) කර පරිගණකයේ ස්ථාපනය කර ගන්න.
- ඔබගේ Windows phone එක USB Cable එක මගින් පරිගණකය හා සම්බන්ද කර වැඩසටහන open කර ගන්න.(අන්තර්ජාල සම්බන්ධතාවය තිබිය යුතුය.)
- මෙවිට මෙම වැඩසටහන මගින් ඔබගේ phone එකට ඇති නවතම Windows සංස්කරණය පෙන්වයි. ඔබ මෙම සංස්කරණය තෙරුවහොත් ඔබගේ phone එක Recovery වීම ආරම්භ වේ.